ඔහුගෙන් ,
හමුවී නොදොඩා බලා හිඳ හේතුවක් නොදන්වා නිහඬවම සමුගත් ඇයට....
ගණ නිල් වළාපෙල මැද හිරු කිරණ සිඹ
සමුදුරු තෙරක හිඳ සුසුමක පහස ලැබ
හොරැහින් සිනාසී සඟවන කඳුළ දැක
මගෙ හැඟුමන් වලට දුක එක් කලා ඇය
ඇයගෙන් ඔහුට....
පෙර දින සයුරු තෙර දී මුව මඬල සිඹ
හැරගිය පළමු පෙම සිහියට ගෙනේ ඔබ
නොලැබෙන සිහින සුවඳක් වන් නුඹව දැක
හොරැහින් බලා සැනසී හද බඳී ලොබ
Friday, March 18, 2011
Subscribe to:
Post Comments (Atom)
අපුරුයි නොදුටු වයසක මිතුරිය.. :D:D:D
ReplyDeleteස්තුතියි රවා.ඒත්...ඔය කියන තරම් මම නාකි නෑහැ මම හිතන්නෙ හොදේ.
ReplyDelete