එපා යන්න ඉමෙන් එහා...
උස අත්තක මලක් වෙලා නුඹ පිපිලා තිබුනා
තටු සලමින් බඹරලියන් නුඹ අසලින් රැඳුනා
පියාඹන්න අත්තටු නැති මට හරි දුක හිතුනා
ඒ උනාට උදේ හවා ඈතින් නුඹ පෙනුනා
තටු නැතිමුත් බිම හුන් මට නුඹේ සුවඳ දැනුනා
ඒ සුවඳට හිමි නැතිමුත් මගෙ හද ලොබ බැඳුනා
ඉහලින් සිටි නුඹ හට මා නොපෙනෙන බව හැඟුනා
නුඹ නොදකින අසරණ මගෙ හිත හොඳටම රිදුනා
සිප ගන්නට බැරි වුනාට නුඹ පිසගෙන හමනා
මඳ පවනේ නුඹේ සුවඳ පොද දැවටී තිබුනා
ඒ සුවඳින් ළය පුරවාගෙන මා දිවි ගෙවනා
එපා යන්න ඉමෙන් එහා මගෙ දෑසට පෙනෙනා
***
Thursday, January 12, 2012
Subscribe to:
Posts (Atom)