Tuesday, July 20, 2010

මිළින වෙලා යන්න එපා


ළඟින් මගේ ඉන්න
එපා දුරක යන්න
මා හැර යන්නට සිතුවේ
කෙළෙසද පවසන්න .

තව පොඩ්ඩක් ඉන්න
මට නම් බෑ යන්න
උයන් තෙරේ එදා රැඳී
කී ලෙස මුමුණන්න .

තිසරු ළමැද උන්න
වැහැරීගෙන යන්න
හේතු උනේ පිය පදවිය
නුඹ වෙත පුද දුන්න .

මගෙන් ඉවත යන්න
නොනිත් වෙහෙස ගන්න
නුඹ දුන් දුක හේතු උනා
මා ගත වැහැරෙන්න .

නුඹ මා වෙත දුන්න
සෙනේ නොසෑහෙන්න
සිහිනෙන් ගත තවරාලූ
මුදු සුවඳක් වැන්න .

නුඹ මගේම වෙන්න
නුඹ මා ළඟ ඉන්න
මිළින වෙලා යන්න එපා
පිපුණු පැතුම් ගොන්න.

2 comments:

  1. ලස්සනයි මම දැනුයි දැක්කෙ. කාලෙකට පස්සෙ ආවෙ.. තවමත් මම ආසයි අර කවි ටිකට..

    ReplyDelete
  2. මොනවා කියන්න්ද කියල නම් තේරෙන්නේ නෑ අක්කා..ඒත් මේ කවියෙ මගක් කියවද්දී මට හීල්ලුනා...

    තිසරු ළමැද උන්න
    වැහැරීගෙන යන්න
    හේතු උනේ පිය පදවිය
    නුඹ වෙත පුද දුන්න .

    මගෙන් ඉවත යන්න
    නොනිත් වෙහෙස ගන්න
    නුඹ දුන් දුක හේතු උනා
    මා ගත වැහැරෙන්න .
    මේ හරියනම් මගෙ හිත හොදටම පෑරුවා...දුක් වෙන්න එපා කියන්නත් බෑ අක්කා...ඒත් මං වෙන මොනාද ඔයාට කියන්නේ...

    ReplyDelete