Friday, April 23, 2010

සමුගනිමි


මැයි පළමුවෙනිද ඉඳන් මම අළුත් කාර්යාලයකට යනවා.ඉතින් මම මේ තරම් දවසක් කවියක් ලීවෙ බ්ලොග් එකේ මොනවහරි සටහනක් දැම්මෙ මගේ මේ පැය අටේ නවාතැන්පළේදි.ළබැඳි අය වගේම උඩින් මිතුරු යටින් හතුරු අය ඕනැ තරම් හිටියත් දාල යන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතයට දැනෙනව.ඒත් ඉතින් යන්නම වෙනවනේ.ගෙදරදි මට මොනවත් ලියන්න ඉඩක් නැහැ. හැඟීම් මැරිච්ච ගානයි ගෙදරදි.පැටවු දෙන්න ලගදි නම් හිත පිරිල තමයි.මම මෙතෙක් කල් ඔයාලගෙ බ්ලොග් කියෙව්ව.රස වින්ද.ගොඩක් වෙලාවට හිතට දුකක් දැනුනම මම කලේ සින්ඩියට එන එක.ආටෙයමත් අළුත් කාර්යාලෙ හුරු උනාම ක ඳුළු බිංදුවක් වැටෙන වෙලාවක මම කවි පදයක් අමුනන්නම්.එතෙක් මගේ යාළුවනේ ඔයාලට සුබ අනාගතයක්!

සිහින තරුකැට බිඳී විසිරී මලාණික සඳ එළිය ගලනා
අඳුරු අහසේ හුදකලා වී උඩු සුළඟ හා හැපී බදනා
සොයා ගිය හවු හරණ මිරිඟුව විලස ඈතින් ඈත ඇදුනා
සවිය ගිලිහුන යුග පියාපත් දරාගනු බැරි ලෙසින් රිදුනා.

කැදැල්ලේ තිබු සතුට සැනසුම බි‍ෙඳ න් බිඳ සි‍ෙඳනා පැයේ
කඳුළු බිඳුවක් තුළට ගොනුකර වේදනා දුක් මගෙ ළයේ
ඔබට කීවෙමි සැමට රහසින් හෙලිවෙතැයි සිටියත් බියේ
ඔබේ වදනින් ළබැ ඳි ඇසුරින් සැනසුමක් අද ම‍ට තියේ

නවාතැන්පළ වෙනස් වී ඇත හිඳීන්නට නොහැකිය නොයා
නෙතින් වට කඳුළකින් සමුගමි කඳුළු බිඳුවට තිත තියා
හද ගැබේ එක් කොනක විසිතුරු සිහිනයකි ඔබ පෑ දයා
ඉසුඹුවක් ලද මතු දිනක මම නැවත එන්නෙමි ඔබ සොයා......

5 comments:

  1. හරි හරි
    අළුත් තැනට ගිහින් ආයෙත් හොරෙන් ලියන්න ගන්න

    ReplyDelete
  2. අපි හැමොම ඇවිල්ලා යන කස්ටිය..
    පොලවට ආපු දවසෙ ඉදලා එහෙ මෙහෙ දුවනවමයි වැඩෙ..
    අතරමගදි වෙහෙසිලා
    අම්බලමකට ගොඩවෙලා
    කතා බහ කරලා, මහන්සිය නිවගෙන
    ආපහු ගමන යන්න පටන් ගන්නවා.

    සුභගමන්..

    ReplyDelete
  3. තැනකින් තවත් තැනකට කෙරුවත් පියමන්
    උනුසුම නොම සි‍ඳේ කඳුලේ ඇති සියුමන්
    නවතනු වහා දැන් මේ දුක් ගී ගැයුමන්
    සුසුමන් හෙලා කඳුලට නොකරන් අවමන්

    ReplyDelete
  4. තාම නෙට් එන්න විදියක් හම්බ උනෙ නැද්ද... හම්බුනු ගමන් මොනවා හරි මෙතන කොටලා දාන්න..

    ReplyDelete
  5. කවුරු කොහේ ගියත් හැකියාව කියන දේ නැති වෙන්නෙ නැහැ අක්කා෴
    අක්කගෙ හිතේ නලියන සිතුවිලි අකුරු කරන්න ඉඩක් ලද විටක ගොඩවන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete