Wednesday, December 23, 2009

එදා මෙදාතුර . . .

දම්පල් උයන සමනළ පාලම ඔස්සේ
ගල්පඩි නැගන් ගල් බැම්මේ ගල් අස්සේ
අත්වැල් බැඳන් තෙමි තෙමි පෙම් මල් වැස්සේ
උන් හැටි සීනයක් විය කලකට පස්සේ

නිසල සයුර රුදුරුව වෙරළට ඇදුනා
සමනළ පාලමේ ලස්සන තටු බිඳුනා
පැතුව ලෙසම ඔබ මා අතිනත බැඳුනා
තිබුන සෙනෙහෙ ගං දිය පතුලට හිඳුනා.

4 comments:

  1. සොදුරු සිතගෙ අලුත් අංගය බලන්න. ඔයාගෙ කවි වල දුක ගැබ්වෙලා. ලස්සනයි ඇත්තටම ලස්සනයි. වෙනස් නොවන දෙවල් ලොකයෙ තියනවා. එ තමයි වෙනස් වීම කියන එක. ලස්සන කවියක්

    ReplyDelete
  2. "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...

    හැමදාම හැමෝම එක විදිහට ජීවත් වෙන්නේ නෑ ... විවාහවුනාට පස්සේ කටිටය හිතන්නේ විවාහක නිසා මොකටද ආදරය එකිනෙකාට ප්‍රකාශ කරන්නේ කියල . බැරිවෙලාවත් මම ඔයාට ආදරෙයි කියල කීවොත් අනිකා කියනව ඔයාට පිස්සුද දැන් අපි පුංචි ළමයි ද ළමයින් ඉන්න මහකට්ටිය කියල. ඉතින් අනිත් කෙනාත් නිහඩ වෙනව. කොච්චර හිතේ අපි ආදරේ සගවගෙන ඉන්නවද... ඇයි ඒ .... බලන්න බටහිර රටවල විවාහන උදවිය ... පාරෙ යන්නෙත් අත් අල්ලන්. අපේ රටේ එහෙම ගියොත්??????????? විනාශයි නේද....
    අපි පස්සෙ කාලෙක දුක් වෙනව .. අපි ආදරේ අයට " මම ඔයාට ආදරෙයි " කියල ආදරේ ප්‍රකාශ කරන්න බැරි වුනාම.. ජීවිතේ නැති වෙලා ගියාට පස්සෙ එහෙම හිතුනට වැඩැක් නැහැ නේද. කෙනෙක්ට ප්‍රසංසා කරන්නයි.. ආදරේ ප්‍රකාහ කරන්නයි අපේ සිංහල මිනිස්සු හරිම ලෝභයි.....

    ReplyDelete
  3. Rava ඔයාට ස්තුතියි .මමත් හැමදාම සොදුරුසිත බලනවා.ඒකෙ තියෙන ගොඩක් දේවල් මම ආසාවෙන් බලනවා.මම හිතන්නෙ සැබෑ ‍පෙම්වතුන් කිසිදා එක් නොවේ කියන එක වැරදියි.ඒත් එකතුවුනාට පස්සෙ සැබෑ පෙම්වතුන් විදියට ඉන්නෙ කලාතුරකින් නේද.කෙනෙක්ට ප්‍රසංසා කරන්නයි.. ආදරේ ප්‍රකාහ කරන්නයි අපේ සිංහල මිනිස්සු හරිම ලෝභයි.....ඒක නම් සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
  4. මම මේ බ්ලොග් එකට ආවෙ ගුගල් එකේ "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ.." වචන ටික Search කරලා ආව Result එක බලන්න.යාලුවෙක් එක්ක කතාවක් දාගෙන ඉද්දි ලුෂන් බුලත්සිංහල මහත්තය කියපු ඔය වචන ටික හොයාගන්න ඕනේ උනා.කවුද දන්නේ අන්තිමට මේ වගේ ලස්සන බ්ලොග් එකක් ළඟ නවතියි කියල.එත් මේ අවුරුද්දටම එක පොස්ට් එකයි ලියල තියන්නේ.සමහර විට මේක ලියන ඔයාට කඳුළු බින්දු අමතක වෙලා ඇති.ආයෙත් ලියන්න..අපි කියවනවා..

    ReplyDelete