Thursday, December 17, 2009

නිහැඩියාවකට පසු..

පරිඝණකයෙන් ලියුමක් හදාගන්න (පුහුණුව ලැබුව cigas,payrole වගේ දේවල් හැරුණම)යන්තම් අන්තර්ජාලය දිගේ ගිහින් පත්තර පිටුවක් කියවගන්න විතරක් දැනගෙන උන්න මට බ්ලොග් එකක් හදල දුන්න වත්.. නංගිට පින් සිද්ධ වෙන්න මම අද මගේ තනිකම අකුරු කරනව.නැත්නම් ඉතින් කොල කෑලි පිරෙන්න ලියල dustbin පුරවනව විතරයි.ගොඩක් දවසකින් ලියන්නෙ.උණ හැදිල හිටිය.සනීප වෙලා ආ ගමන් කාර්යාලයෙන් යවන පුහුණුවකට ගියා.කොහොමටත් දෙසැම්බර් වල කාර්යාලයම කාර්ය බහුලයි.මම ගොඩක් අයගෙ බ්ලොග් කියවනව.ඒවට මොනවහරි ලියන්නත් ආසයි.ඒත් මට ලියවෙන්නෙම මගේ හිතට හිතෙන විදියෙ දුක්බර දේවල්.ඒකයි නොලියන්නෙ.කවුරුත් හිතාවි මම මහා අසුබවාදී කෙනෙක් කියල.ඇත්තටම හැමදාම දුක හිතෙන දේවල් වලට මුහුණ දෙන කෙනෙක්ගෙ හිතෙන් ඉපදෙන නිර්මාණත් දුක්බරයි තමා.ඒ නිසා ලස්සන දෙයක් හිතුන දවසකම කවියක් අකුරු කරන්නම් කියල හිතුව.දවසෙ වැඩ ගොඩ අස්සෙන් චූටි පැටික්කි උම්මා කුක්කු කියනව ඇහෙනව.ඒ නිසා නවතින්න ඕන මෙතනින්.

3 comments:

  1. දුක සැප දෙකම අපෙ දෙවල්නෙ. කෙනෙක් ගෙ ඇස් දෙකෙනෙ වටිනාම දෙ. ලියද්දි ඔයට හිතෙන දෙ ලියන්න. තවකෙනෙක් ගැන හිතන්න ඔනා නැහැ. මොකද අපි ලොකෙට දෙන්නෙ අපෙ දෙවල්. තව කෙනෙක් ගැන හිතන්න ගිහිල්ලා ඔයාව විකෘති කරගන්න ඔනා නැහැ.
    ඇත්තටම ඔයාගෙ "අමතකද නුඹට " කියන කවි පන්තිය මම දැනුත් බැලුවා. එකෙ ලියපු කෙනා ඔයාමනම් ඔයාගෙ වටිනාම දෙ එ කවි පන්තිය ඔයා සමහරවිට මම තරම් දුර හිතන්නෙ නැහැ වෙන්න පුලුවන්. නමුත් එ කවි පන්තිය තරම් මගෙ හිතට වැදුනු දෙයක් නැහැ. ඔයට බොහොම ස්තුති එ වගෙ දෙයක් එලියට දැම්මට.

    ReplyDelete
  2. ඒ කවි පන්තිය ලිව්වෙ මම ම තමා.මම ඒක අපේ office එකේ බිත්ති පුවත්පතේ දැම්ම එකක්.ඒ වගේ ගොඩාක් තියෙනව.සේරම විරහව අකුරු කළ ඒව තමා.ඒත් හැමදාම එකම රාමුවෙ දේවල් දකිද්දි එපා වෙනවනේ.ඒත් මම දැන් ආසා නැහැ ශාස්ත්‍රීය දේවල් ගැඹුරු දේවල් ලියන්න,ගොඩක් හිතන්න.ඒ නිසා ඔයාල ලියන දේවල් වලින් මම ආසා දේවල් බලල රස විදිනව.මේ කවි පන්තිය නම් මම මගේම අත්දැකීමක් කවි කරපු එකක්.දැන් හිතාගන්න පුළුවන්නේ මගේ මානසික මට්ටම.

    ReplyDelete