Tuesday, November 24, 2009

සති අන්තෙ ගාලු කොටුවට ගියා.

සති අන්තෙ ගාලු කොටුවට ගියා.මම නම් ඕනැ තරම් ගිහින් තියෙනව.අතීතෙදි.මෙදා ගියේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුත්තකට.අපි යන කාලෙ වගේ නෙමෙයි.අද ඉන්න පෙම්වතුන් දිහා බලන්නත් අපහසුයි මේ අවුරුදු හතර පහට මිනිස්සු ගොඩාක් පිරිහිලා කියල මට හිතුන.පුතා පොඩි නිසා අමතර ප්‍රශ්න ඇහුවෙ නැහැ.ඒක හිතට අස්වැසිල්ලක් උනා.පවුරෙ එක කොනක ලස්සන පවුලක්.පුංචි එවුන් දෙන්න අයිස් පලම් දෙකක් කකා පිම්මෙ දුවපැන ඇවිදිනව.අම්මයි තාත්තයි ලස්සනට තුරුළුවෙලා(අසභ්‍ය විදියට නෙමෙයි)මොනවදෝ තොර තෝංචියක් නැතුව කතාව.ඉස්සර එයාලත් පෙම්වතුන් වෙල ඉද්දි ආව ගමන් ගැන වෙන්න ඇති බාග වෙලාවට.ඒ අතර මැද චූටි එවුන් දෙන්න ගැනත් බලනව.මම බැලුවෙ මගේ දරුවන්ගෙ තාත්ත දිහා.තවම ඈතට නොගිය යෞවනය මම ඒ දේට පොළඹවන්න ඇති.ඒත් ඔහු අන්ධයෙක් ගොළුවෙක් ගානට සිතිජය දිහා බල‍ාගෙන.අතීත මතක හිතට ගලා එද්දි මට දැනුනෙ දරාගන්න බැරි දුකක්.වේදනාවක්.හිතේ දුකත් නෙතේ පිරුණු කදුලුත් අතරින් මම බලා උන්නෙ අර ලස්සන පවුල දිහා.ඒ තාත්තගෙ සෙනෙහෙ පැටවුන්ට වගේම අම්මටත් ලබා දෙන සතුට,රැකවරණය මහමෙරක් වගේ.‍මට එහෙම සතුටක් රැකවරණයක් නැතත් මගේ පැටවුන්ට ලැබෙන සෙනෙහස ගැන හිතල මම සැනසුනා.ඒත් ඒකත් කවුරුහරි උදුරගන්න හදනව වගේ හැගීමක් ඉවක් මට මෑතක ඉදල දැනෙනව.(දෙයියනේ එහෙම නම් වෙන්න එපා)මමපොඩියකට හරි ලැබූ සතුට ගුලිකරල අකුලගන්නව වගේ එයාල ඉදගෙන උන්න කොලෙත් අකුලගෙන හරි බරි ගැහිල පුංචි පවුල පිටින්ම එයාලගෙ යතුරු පැදියට ගොඩ උනා.මම නොලියුව කවිය ඒ ආදරණීය ගැහැණියගෙ ඇස් ඇතුලෙ මම දැක්ක.යද්දිටත් වඩා ලොකු බරක් හිතේ දරාගෙන ආපහු ආවත් දැනටත් මගේහිතේ ඒ සුන්දර පුංචි පවුල ලැගුම් අරන් ඉන්නව. මේ තරම් කාලයක් (මම හිතන්නෙ අවුරුදු පහක් ...)හිතෙන් විදවපු මට ,කොල කෑලිවල ලියල කාටවත් නොපෙන්න වීසිකරල දැම්ම මට මේ වගේ ලියන්න කියල දුන්න නංගියට පින් සිද්ධ වෙන්න මම දැන් ටිකක් විතර සතුටින් ඉන්නව කියලත්මට හිතෙනව.ඒත් කියාගන්න බැරි දුකක් එක්ක මම තනිවෙලා කියලත් මට හිතෙනව.දැනට ලියන්න පුළුවන් වෙලාව ඉවරයි.දවසෙ ඉතිරි වැඩට මම යොමු වෙන්න ඕන.

5 comments:

  1. ඔය තත්වය අපේ ජිවිතය යම් යම් ස්ථානවලට පැමිණෙන විට උරුමවන දුකක් ඔය දුක සතුටක් කරගෙන ජිවිතය ධෛර්යෙන් ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනාකරනවා

    ReplyDelete
  2. බොහෝ ම සංවේදී සටහනක්. ඔබගේ ලිවීම තුළින් කන්තාවන්ගේ ලෝකයටත්, ආත්මයටත් ඇතුලු වීමට මට අවස්ථාවක් ලැබුණි. පිරිමි හිතන පතන විදිහ, ක්‍රියා කරන විදිහ ස්ත්‍රීන්ගෙන් බොහෝම වෙනස්-සමහර විට ඔවුන්ගේ සිත් ගල් වගේ. එහෙත් මගේ පැතුමත්, ඔබ දෙදෙනා අතර, ආදරය වැඩි වන්නටත්, ඔබේ කුරුළු කූඩුව කවරෙකු අතින්වත් කඩා බිඳ නොදැමේ වා යන්න ය.

    ReplyDelete
  3. මේ සහෝදරිය කියල තියන නංගි මමයි. මම කළේ හැකියාවන් එළිදක්වන්න පාර කීව ඒක විතරයි.
    හැගීම් හිතට වද දෙන කොට ඒවා තරහකට, වෛරයකට හෝ අසහනයකට පත්කර නොගෙන, ලියල හෝ ඇදලා හෝ කාටවත් කරදරයක් නොවෙන විදිහට පිට කරන එක කොයි තරම් හොදද.

    "පෙම් ලොවදී දුටු ඔහුමද මේ
    ඔහුටද මා අන්ද වුනේ කියල "අහල ඇති නේද....


    "ප්‍රේමය නම් අසනිය කුසුමක් වේ
    රිසි වූ කෙනෙකුට පූජා කරනට
    ලෝබ සිතින් තොර පිදුම මනාවේ
    පෙරළා ලබනට නොසිතා බිදකුත් "

    විවාහ ජීවිතේට සැකය ගා ගන්න එපා.
    "පුද්ගලයා ඔහුගේ සිහින තරම් ම තරුණය. නැතහොත් ඔහුගේ සැකය තරම් ම මහලුය.ඔබගේ සැකයට නොවල ඔබගේ සිහින වලට ඔබ ජීවිතය පාලනය කරන්නට ඉඩ දෙන්න."

    හැබැයි අක්කා ඔයාට මම ලියන්න කියල දුන්න කියල office එකේ "සංහිදක කල්පනා" එකට කවි ලියන එක නතර කරන්න එපා. දැනටමත් ඒක හිස් හොදද.

    ReplyDelete
  4. බොක්කටම වදින්න ලියලා තියෙන ලස්සන කතාවක්.

    /නිශාන්ත

    ReplyDelete
  5. දෙසැම්බර් මාසෙ කස්ටියම මෙතන ඉදලා නෙද මම ටිකක් පරක්කු උනා...

    ReplyDelete