Wednesday, April 14, 2010

මගේ අවුරුද්ද

එරබදු මලින් පිරි අතු සුළගට පැද්දේ
කරගෙට නගති කෙවිලිය කොවුලිඳු සද්දේ
වාරම් නැතත් ඔන්චිල්ල‍ාවන් පැද්දේ
පුහුලන් කන්න වවුලන් පොරකති බැද්දේ

අවුරුදු සිරිය දැක මගෙ හිත මල් පිපුණා
කැවුමක කොණ්ඩයක් ගන්නට මට හිතුනා
තෙල් හැඳි ඉරටු සැනෙකින් මා අත රැදුනා
කැවුමක් නොවේ රොටියක් තෙල් මැද තිබුණා

නැන්දම්මාගෙ මුහුණේ පිරි උපහාසේ
ඊටත් වැඩියි හිමි මට කල අපහාසේ
කැවුමක් කන්න නිදිගැට හැර සිටි දෑසේ
පොඩි පුතු මගේ ලිප ළග හිඳ උපවාසේ

දවසට පැය අටක් සෙස්වාවෙහි යෙදුන
හවසට පණ අඩක් අරගෙන ගෙට වැදුන
අවසන මැදියමේ නුඹගේ ලග රැ‍ඳුන
මව නම් නොමැත පුතුනේ පිසුමෙහි නිපුණ

බිත්තර බටර් පිටි වැනිලා එක බඳු‍ෙන්
පදමට පදම් කර උඳු‍ෙන් මැද දැවුනේ
ලස්සන සීනි මල් කොළ ඒ මත රැඳු‍ෙන්
දන්නේ මෙච්චරයි කාපන් මගෙ පුතුනේ

නැන්දම්මගෙ අතින් බැදුනා කොණ්ඩ කැවුම්
මා හැදු කේක් ගෙඩියේ මල් රටා සියුම්
පොඩි පුතු ගසයි සතුටින් අප වටේ රවුම්
සමගිය සමග ලැබු අවුරුදු සතුට නැවුම්.

4 comments:

  1. හා හා හා.. නියමයි.. නියමෙට තියෙන් නැති අවුරුදු හා..හා.. කොන්ඩ කැවුමක කොන්ඩෙ ගන්න එක හරිම අමාරු කාර්යක්.. අපෙ අම්මලා දෙන්නටම බැහැ.. එක එගොල්ලා පුරුදු වෙන්නෙ නැති කම තමයි.. හැමදාම මට බැහැ කියලා එක දන්න කෙනෙකුට දිලම කරගන්න ගියහම වෙන්නෙ හැකියාව ගන්න බැරි වෙන එක.. එත් ඉතින් හරිම ආසයි නෙද දරුවො දෙන්න වට වෙලා කැවුම් උයන කොට.. මමත් එහෙම තමයි එකම යුද්දෙ.. ගෙදර.. ඔන්න ඔයා ඔයගෙ කවිවල තියන තාල රටාව වෙනස් කරලා අද ලස්සනයි හැම දෙම...

    ReplyDelete
  2. ෂා............
    මට නම් පුලුවන් උනේ යාන්තම් රසට කොකිසක් හදා ගන්න තමා.
    හැබැයි කටින් නම් කැවුම් කේක් විතරක් නෙවෙයි කෙසෙල් උනත් හදතැකී...
    හනේ කවදා හරි දවසක මගේ මගේ පැටවුත් මා වටේ කෙරකෙවී නේද ඔය වගේ.............
    ලස්සනට ලියල තියෙනවා කදුලු බිංදු

    ReplyDelete
  3. වියලී ගිය කඳුලු දැක කූඩුව මැද්දේ
    සතුටින් අපේ හදවත් නංවයි සද්දේ
    මොනවා නැතත් අක්කේ මේ අවුරුද්දේ
    කඳුලක් නොපිස්සා ඇති ඉන රැඳි රෙද්දේ

    ReplyDelete
  4. රවා මල්ලියේ,ඔයාට පින් සිද්ධවෙන්නයි මගේ කවියෙ තාල වෙනස් උනේ හොදේ.

    අහිංසකී,කැවුම් බැරි උනත් ඔයාට රසට කොකිස් දන්නපුළුවන්නේ.සතුටු වෙන්න ඒ ගැන.ස්තුතියි අගය කිරීම ගැන.

    SRI MANJULA ,
    නොදුටුව කණට නෑසුන කටහඩ සද්දේ
    ලෙංගතුකම පිරුණු ඔබ වැනි අය මැද්දේ
    වියැළී ගියා කදුලැලි ඉන හැදි රෙද්දේ
    මල්ලියෙ හිත හදා ගත්තා මම අවුරුද්දේ

    ReplyDelete