Tuesday, April 6, 2010

සැනසුම


පාළුවෙන් පිරුණ - සුසුම රජ කෙරුන
කැදැල්ලට නැවත - වසත් කල පැමිණ

මල් සුවඳ ගලයි - සිනා හඬ ඇසෙයි
පොඩි දෝණි හඬයි - එයත් ලස්සනයි

අම්මෝ චාච්චෝ - විටෙක කෑ ගසයි
අයියෝ ආච්චෝ - අමුතු බස් ගොඩයි

විටෙක වී උරණ - බිම වැටී හඬන
ඇසිල්ලෙන් නැගිට - සිනාසෙන අරුම

රැගෙන පිය උරුම - ගෙනා තරු දෙනෙත
අතීතෙක මතක -උපදවයි මහද

තරු දෑස විදා -තුටින් හිනැහෙන්න
හැමදාම දුවේ - සුවෙන් ඔබ ඉන්න

නිවී ගිය සෙනේ - පහන් දල්වන්න
කැදැල්ලට සදා - සතුට ගෙන එන්න

2 comments:

  1. නියමයි අක්කා... නියමෙටම ඇඳෙනවා හිතෙ.. හරිම ලස්සනයි... ඇත්තටම ලස්සනයි.. කාලෙකට පස්සෙ.. හිතන්න දෙයක් නැහැ .. නමුත් සරල බසයි....., රිද්මෙත් එක්ක එකට යන වචන ටිකයි.. හිතෙ මැවෙන සුන්දර කැදැල්ලයි.. ඔක්කොම මෙතන දෙව් ලොකයක් මවනවා....නියමයි..

    ReplyDelete
  2. ස්තුතියි මල්ලි.දැන් මට හිතේ සතුට ටිකක් විතර තියෙනව.ආ...අර 40න් 4 ක් විතරයි කණ්ණාඩියි අයින් කරන්න හොදේ.

    ReplyDelete