Monday, November 16, 2009

හිනා එයිද. . . යයිද. . .

යැංකියො හැම තිස්සෙම වැරදියි.


මගීන්ගෙන් පිරී තිබූ දුම්රිය මැදිරියකකට ඇ‍ෙමරිකානුවෙක් ගොඩ විය.මැදිරියේ තිබූ එකම හිස් අසුනේ බලු පැටික්කියක් නිදාගෙන සිටියාය. බලු පැටික්කියගේ අයිතිකාරිය වූ නෝනා මහත්මිය ඊළඟ අසුනේ වාඩිව සිටියාය.

බලු පැටියා බිම තබා තමා එම අසුනේ ඉඳගන්නදැයි ඇ‍ෙමරිකානුවා නෝනාගෙන් විමසීය.

“බලු පැටියට අතවත් තියන්න එපා. . . “ නෝනා නපුරු ස්වරයෙන් කීවාය.

ඇ‍ෙමරිකානුවාට දුම්රියේ වෙනත් අසුනක් සොයාගන්නට නොහැකි විය.ආපසු එම මැදිරියට පැමිණි ඇ‍ෙමරිකානුවා බලු පැටියා ඔසව‍ා ජනේලයෙන් ඉවතට දමා එම අසුනේ ඉඳගත්තේය.

“මේ යැංකියා මගේ බලු පැටියට කල දේ දැක්කද” කෑ කෝ ගසන්නටත් හඬන්නටත් පටන්ගත් නෝනා අනෙක් මගීන්ගෙන් විමසුවාය.

යැංකියො හැමදේම කරන්නෙ වැරදියට.ඒ ගොල්ලො ගෑරැප්පුව අල්ලන්නෙ වැරදි අතින්,කාර් එලවන්නෙ වම්පැත්තෙන්. . .දැන් බලන්න මේ බූරුවා - එළියට දැම්මෙත් වැරදි බැල්ලි ව. . .



මං දන්නව.

බස් රථයේ සිටි ගැබ්බර කාන්තාවක් දුටු කුඩා සුපුන් එම නෝන‍ාට කුමක් සිදුවී ඇත්දැයි සිය මවගෙන් විමසුවේය.

හැමවිටම නියපොතු හැපීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටින සුපුන් එම පුරුද්දෙන් ගලවා ගැනීමට උපායක් කල්පනා කරමින් සිටි සුපුන්ගේ මව මෙසේ කීවාය.

“ඒ නෝනගෙ බඩ ලොකු වෙලා තියෙන්නෙත් ඔයා වගේ නියපොතු කාල තමයි.”

ඉන්පසු සුපුන් වඩාත් ඕනෑකමින් එම ගැබ්බර කාන්තාව දෙස බල‍ා හිඳින්නට විය.
සුපුන් තමා දෙස විමතියෙන් බලා සිටිනු දුටු එම කාන්තාව මෙසේ ඇසුවාය.
“ඇයි බබෝ මොකද ඔයා බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නෙ”

“මං දන්නව ඔයාගෙ බඩ ලොකු වෙලා තියෙන්නෙ කොහොමද කියල” සුපුන් පෙරලා ඇයට පිළිතුරු දුන්නේය.

2 comments:

  1. යැංකියෝ වාහන පදවන්නේ දකුණ පසින්, විනා වම් පසින් නොවේ. ගැරප්පුවේ කතාව නම් හරි. මෙහි විදුලි ස්විචයන් විවෘත (on) කරන්නේ අඩු අතට, තව බොහෝ දේවල් කරන්නේ අනෙක් පැත්තට...භාවිතා කරන දුර මැනුම සැතපුම්, උෂ්ණත්වය මනින්නේ ෆැරන්හයිට් වලින් එයට හේතුව ඔවුන්ට ඕනෑ තමුන් වෙනස් බව‍ ලෝකයට හැඟ විමට... ඇමරිකාවේ සිරිත් ඒ ලෙස ම අනුගමනය කරන්නේ පිලිපිනය යි.ඒ ඇරුණු විට මුළු ඇමරිකා මහාදීපයම කනපිට... හරිම විශ්මිත යි; චමත්කාර ජනක යි.

    ReplyDelete
  2. පොතක දුටුව දෙයක් ලිවිවා මිසක මම ඇමරිකාව හීනෙන්වත් දැකලා නෑ යාලු.මගේ දුප්පත් blog එක කියෙව්වට ගොඩා...........ක් ස්තුති හොදේ.

    ReplyDelete