Thursday, November 19, 2009



කළා වැව හි‍ෙඳනවා... ආයෙමත් පිරෙනවා...
මගේ හිත බි‍ෙඳනවා... ආයෙමත් හැදෙනව‍ා...

සිඳුන වැව් පතුලේ...කටු කොහොල් පෙනෙනවා...
රිදුණු සිත් මඬලේ ... සෝ සුසුම් දැවෙනවා...

කළා වැව හි‍ෙඳනවා... ආයෙමත් පිරෙනවා...
මගේ හිත බි‍ෙඳනවා... ආයෙමත් හැදෙනව‍ා...

පිරුණු වැව් ජලයේ ...සුදු නෙළුම් පිපෙනවා...
හැදුන හිත් මඬලේ ...පෙම් සුවඳ දැනෙනවා...

මේ සිංදුව ඇහෙද්දි මට හිතෙන්නෙ මගේ තත්ත්වෙ ඉන්න අය තවත් ඉන්නව නේද කියල . විරහවටම උරුම වුන කටහඬින් කියවෙන මේ සිංදුවට මම නම් ගොඩාක්ම ආසයි . කළා වැවේ නෙළුම් පිපුණ වගේ මගේ හිතටත් ආයෙම පෙම් සුවඳ දැනේවිද (පරණ , සුපුරුදු ළඟම තිබුණත් මට විඳින්න උරුම නැති මගේම වෙලා තිබ්බ සුවඳ )

4 comments:

  1. සටහන් තැබිවට ස්තූතියි. විරහ කාටත් පුරුදු අත්දැකිමක්!

    ReplyDelete
  2. මිනිස්සු ලස්සන වෙන්න, පොහොසත් වෙන්න ඔනා සල්ලි වලින් නෙමෙ. හැගිම් වලින්. සමහර මිනිස්සු පොහොසත් වෙන්න ගිහිල්ලා අන්ත දුප්පත් වෙනවා. අපි හිස් අතින් ආවෙ.. හිස් අතින් යන්නෙ..අතරමග දි වෙන දෙවල්... අප්පා..හැබැයි මොනදෙ උනත්.. කලත්.. අන්තිමට තමුන් කවදාවත් හදවතට විරුද්දව, වැරදි දෙයක් කලෙ නැහැ කියල තමුන්ගෙ හදවතට කියන්න පුලුවන් නම් එක තමයි තියන ලොකුම සැනසීම. විරහව කටත් පුරුදු අද්දැකිමක් නෙමෙ.

    ReplyDelete
  3. හදවතට විරුද්ධ කිසිම දෙයක් මේ තාක් නොකළඑක ගැන සැනසීම නම් මට හොදටම තියනව.ඒත් ....අන් මන්දා...ඒක කවුරු තේරුම් ගනීද

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete