Thursday, October 29, 2009

අමතකද නුඹට

මුදු පවන් වැදෙන - සකුණ ගී ඇසෙන
නිලඹරේ පුරා - සරා සුව විඳින
කිරිල්ලක වෙලා - නුඹ ළඟින් රැඳුන
අමතකද නුඹට - මට මතක එදින

තුඩින් තුඩ බෙදා - සුරත් ඵල බුදින
කැදැල්ලක් තනා - එකට ළඟ රැඳුන
කිරි සුවඳ ගලා - කැදැල්ලම පිරුණ
අමතකද නුඹට - මට මතක එදින

නුඹේ රළු තුඩින් -සුමුදු තටු සිඳුන
කිරිල්ලකි මෙමා - කූඩුවක රැඳුන
රහසකින් පමණ - වරද නොම බැඳුන
පෙළන්නට මෙමා - කියනු කිම කරුණ.

14 comments:

  1. Oyage 'AMATHAKADA NUMBATA' Kaviya Duken Liyapu ekak ei a

    ReplyDelete
  2. කවිය කියවලාම තේරුම් ගන්නකො.

    ReplyDelete
  3. ඔයා ඔය කවි පන්තියෙ ලියල තියන්නෙ ඔයගෙ ජිවිතෙ නේද?
    ඔයා මෙක ලස්සනට කරලා තියන්නවා. ඔයල හරි ලස්සන මනුස්සයෙක්..හදවතින්, එහෙම අයට කවදාවත් වරදක් වෙන්නෙ නැහැ..එක කවි පන්තියකින් ඇතුලෙ හැගිම් හිරකරන් ලස්සනට ලියලා.

    බොහොම ස්තුති අපිත් එක්ක එ දේ බෙදා හදා ගත්තට...
    ලස්සන මනුස්සයෙක් ගෙ....
    ලස්සන වැඩක්....

    ReplyDelete
  4. ඔයා හරි .ජීවිතේ කවියක් නූනට කවිකට ගොනු කළා.ඒත් දුක්බරම දේ තමයි මේ කවියට අදාලකෙනා මා ළගම උන්නත් මේව දකින්නෙ නැහැ.මම ඉඩක් තියෙන වෙලාවට මගේ දුක ලියන්නම්කො.එපා වෙන දචසක් එන තුරු කියවන්න.ගොඩාක් ස්තුතියි මට ලිව්වට.

    ReplyDelete
  5. මට මෙ කවි එපා වෙන්නෙ නැහැ.
    කොච්චර ලගින් හිටියත් හදවතෙ තියන හැගීම් කියගන්න බැරි උනාම දැනෙන දුක මම හොදටම දන්නවා. මම ගොඩක් පරක්කු උනා නමුත් අදටත් මට එ දෙ කියාගන්න බැහැ. පසුතැවිලි විමකුත් නැහැ.මම ටිකක් දුක් විදපු කෙනෙක්. එ දුක් තුලින් මට ගොඩක් සතුටුයි. නමුත් මම ඔයට එක දෙයක් කියන්නම. ඔයා ලග, ඔයාට පෙන්න ඉන්න කෙනාට ඔයගෙ හිතෙ තියන දෙ කියන්න, ආදරෙන් කියන්න. කොච්චර පරණ උනත් ආදරෙන් එ දේවල් මතක් කරන්න. ඔයගෙ හිත එයාට කියවන්න බැහැ. එක නිසා කියන්න , මෙ දෙවල් පෙන්න සලස්වන්න.

    ReplyDelete
  6. කියවන්න මහගම සේකරගෙ පොත්. සමහර විට එතනත් යම් දේයක් තියයි ඔයට ගන්න..

    ReplyDelete
  7. මෙක ආපහු බලන්න හිතුනා. මොකද කලෙකින් පොස්ට් එකක් නැත්තෙ?

    ReplyDelete
  8. හරිම ලස්සනයි....

    / නිශාන්ත...

    ReplyDelete
  9. ආපහු ආවා. මෙක බලන්න. සෙව් කරගෙන බලනවට වඩා හිතට ලොකු සැනසිමක් මෙහෙම ඇවිල්ලා බලන එක

    ReplyDelete
  10. මෙක අදත් බලන්න ආවා.
    අනෙ මන්දා මෙතනට ආවාහම ලොකෙම වෙනස් වෙනවා, මෙ වචන වල තියන ගැලපීම මම වෙන කිසිම තැනක දැකලා නැහැ, මම මෙ වගෙ කිපයක් ලියන්න උත්සහා කරා නමුත් දිගටම තියාගන්න බැහැ.. හරිම ලස්සනයි අක්කා.

    ReplyDelete
  11. මෙ කවිය මට අමතක වෙන්නෙ නැහැ. මෙ කවි දෙකක් තියනවා ඔයා ලියපු එවා මට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති. එ ඇයි කියලා මම දන්නෙ නැහැ. අදත් ආවා.. මෙක බලලා යන්න..

    ReplyDelete
  12. ම්ම කිව්වෙ මෙ කවිය මට අමතක වෙන්නෙ ම නැහැ, අදත් ඇවිල්ලා බලලා යන්න හිතුනා.

    ReplyDelete