මලානික සඳ පාළු නුබ ගැබ
අඳුර යන්තම් දුරු කළා.
කුරවි කෙවිලිය ගොළුවෙලා අද
කැදැල්ලේ ඈ තනිවෙලා.
නිහඬ බව බිඳි බකුසු යුවලත්
ඉගිල යද්දී තටු සලා.
ඉසුඹුවක් නැති මගේ නුවන’ග
තිබූ කඳුළක් යයි ගලා. . .
තුරු ලතා තුල සොඳුරු බව නැත
අඳුරු සෙවනැලි මතුවෙලා.
පරව ගිය නා මලක් නටුවෙන්
මිදුනි දුක් සුසුමක් හෙලා.
මුණු මුණුව නැත ගං දියේ අද
එයත් ඉකිබිඳුමක් වෙලා.
රැයෙහි වට පිණි කඳුළු වැලපේ
මගේ කඳුළට එක් වෙලා. . .
සොඳුරු බව තුල අඳුර සැඟවී
තිබෙන බව වැටහුනා නම්. . .
සෙනේ සිත තුල මේ කුරිරු බව
එදා මට හසු උනා නම්. . .
සමවැදී හුන් දැහැන මාගේ
නුඹ නෙතින් නොබිඳුනා නම්. . .
ඔබේ සෙනෙහස මියෙන්නට පෙර
අනේ මා මියැදුනා නම්. . .
අඳුර යන්තම් දුරු කළා.
කුරවි කෙවිලිය ගොළුවෙලා අද
කැදැල්ලේ ඈ තනිවෙලා.
නිහඬ බව බිඳි බකුසු යුවලත්
ඉගිල යද්දී තටු සලා.
ඉසුඹුවක් නැති මගේ නුවන’ග
තිබූ කඳුළක් යයි ගලා. . .
තුරු ලතා තුල සොඳුරු බව නැත
අඳුරු සෙවනැලි මතුවෙලා.
පරව ගිය නා මලක් නටුවෙන්
මිදුනි දුක් සුසුමක් හෙලා.
මුණු මුණුව නැත ගං දියේ අද
එයත් ඉකිබිඳුමක් වෙලා.
රැයෙහි වට පිණි කඳුළු වැලපේ
මගේ කඳුළට එක් වෙලා. . .
සොඳුරු බව තුල අඳුර සැඟවී
තිබෙන බව වැටහුනා නම්. . .
සෙනේ සිත තුල මේ කුරිරු බව
එදා මට හසු උනා නම්. . .
සමවැදී හුන් දැහැන මාගේ
නුඹ නෙතින් නොබිඳුනා නම්. . .
ඔබේ සෙනෙහස මියෙන්නට පෙර
අනේ මා මියැදුනා නම්. . .
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
ReplyDeleteමෙදා වියොවක් නෑ...
ලස්සනයි අනේ...
තව ලියන්න...
/බිඟුවා...!
ඇයි ඔයා හැංගිලා..
ReplyDeleteඑන්න බ්ලොග්කියවනයට..
අනේ මන්දා මෙකත් දැක්ක ගමන් මාව අතරමන් උනා...
මම ආසයි ඔයාගෙ ජිවිත කතාව දැනගන්න. එක අපිට ගොඩක් ඉවහල් වෙයි අපෙ ජිවිත ලස්සන කරගන්න. ඔයාගෙ හැම පොස්ට් එකක් ම දිහැ බලපුහාම ඔයා ගැන පුදුමත් හිතෙනවා. අක්කෙ හො අම්මෙ මෙ දෙවල් දැකපු මට මගෙ අම්මව සිහිවුනා. මගෙ අම්මත් ඔයාවගෙ කෙනෙක්.හරිම සංවෙදි.හිතනවා.ලියනවා ලස්සනට. එයා එයාගෙ රැකියාව පවුල වෙනුවෙන් අතහැරියා. තාත්තා එයාව දාලා යනකොට මම කැම්පස් එක පළමු අවුරුද්ද.එයත් ගොඩක් කදුලු හංගන් ඇඩුවා. මගෙ තාත්තා අදටත් අම්මව හිතින් මරනවා. අදටත් මගෙ අම්ම මානසික ලෙඩෙක්. අම්ම ලෙඩ උනාම රැ එලිවෙනකන් මම එයාලග එයාගෙ ඔලුව අතගාගෙන ඉන්නවා. මගෙ අම්මා " අම්මෙ.. අම්මෙ.." කියලා කෙදිරි ගාද්දි මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ කාටවත් මෙ වගෙ දෙයක් දෙන්න එපා කියලා. ඔයා මෙ කවිවල ලියලා තියන දෙවල් වලින් මගෙ හිතෙ ඇදෙන්නෙ මගෙ අම්මව. මගෙ අම්මත් හිතින් මෙවගෙ විඳවලා ඇති.
මෙ කවි ඔයාගෙ පුද්ගලික අත්දැකිම් නෙමෙ කියලා ලියන්න එපා. මෙච්චර ලියන්න බැහැ හිතින් මාවාගෙන. පිරිමි කෙනෙක් උනත් මගෙ ඇස්වල කඳුලු..
ලියන්න ඔයාගෙ ජිවිත කතාව... එක අපිට කරන උදව්වක්...
රවා.මල්ලියේ...මට මගේ ජීවිත කතාව මේකෙ අකුරු කරන්න අමාරුයි.මොකද මම ඇත්තටම ඔයා හිතනවා වගේම සංවේදී හිතක් තියෙන කෙනෙක්.ඔයා ලියලා තියෙන ඒව බලලත් මම ඇඩුවා.මගේ පැටවු දෙන්නත් ඔයා වගේ තත්ත්වෙකට පත්වෙයිද කියල මට එවෙලෙ හිතුන.මමත් ආදරේ වෙනුවෙන් ගොඩාක් දේවල් අතහැරල දැම්ම.ඒත් රැකියාව නම් අතහැරියෙ නෑ.ඒක මගේ ජයග්‍රහනයක් කියල අද මට හිතෙනව.කොහොම උනත් අදටත් මම අත්හරින දේවල්බොහොමයි.ඒ පවුලෙ සමගිය වෙනුවෙන්.උදාහරණයක් ..ලස්සනට ඇදුම් පැලදුම් ඇදල වෙඩින් එකකට කාර්යාලෙ අයත් එක්ක මම යන්නෙ නෑ.විනෝද චාරිකා මම යන්නෙ පවුලෙඅය විතරක් යනවනම් විතරයි.ගොඩක් දේවල් කියන්න තිබුනත් මල්ලියෙ ඔයාගෙ කාලය නාස්ති වෙනවනේ.ඇරත් මේක කවුරැත් බලනවනේ මල්ලියෙ.කතා කරමුකො පස්සෙ.මම තව ලියන්නම්.ඒත් කාලකන්ණි මගේ ජීවිත කතාවෙන් හිත සසල කරගන්න එපා.
ReplyDeleteරැකියාව දිගටම ඉන්න. මගෙ අම්මට වැරදුන තැන එතන. මම ලංකාවෙ ගණිත අංශයෙන් 207 වැනි වෙලා ගෙදර එද්දි සතුට බෙදාගන්න කෙනෙක් නැතුව ගියා. දරුවන්ගෙ අධ්‍යාපනය යි දෙමව්පියන්ට මුලම දෙ. ඔයා එ දෙ කරන්න ඔනා මොනදෙ උනත්. ලස්සන පොත් පත් වලින් පැටවු දෙන්නට ගහන්න... ඉස්සර වෙලාම..
ReplyDeleteඔයාව දන්නෙ සොදුරු සිත විතරයි. ඔයාව කවුරුවත් වෙන දන්නෙ නැහැ. ඔයා එ දෙ ලිව්වොත් මට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත හැකි. කැම්පස් 10 කට වත් ගිහිල්ල ඉගෙන ගන්න බැරි දෙවල්. අනික මෙක බලන්නෙත් ටික දෙනයි, ඇයි ඔයා සින්ඩියෙ නැත්තෙ.
අපෙ අම්ම කල්පනා කරලා එහෙම උනෙ. ඔය වසනාවන්තයි බ්ලොග් එක තියනවා. ලස්සන මිනිස්සු කිපදෙනෙක් වට වෙලා වටවෙලා ඉන්නවා.
මෙ කවිය මට ආපහු කියවන්න හිතුනා. ඔයා සින්ඩියට එන්න. එන හැටි වත්සලා අක්කගෙන් අහන්න. අපි ඔක්කොම පුංචි පොකුනෙ ඉන්න මාලුවො ටිකක්. එකිනෙකාගෙ දුක කරදර , කදුලු හංගන්න උත්සහා කරාට බැහැ. අපි වගෙ තව ගොඩක් ඉන්නවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම වත්සලා නංගිගෙන් අහගෙන එන්නම්.උදව් නැතිව මට එන්න දැනෙන්නෙ නෑ.ඔයා අම්මට ගොඩක් ආදරෙයි නේද.මමත් ආසයි මගේ පුතත් කවදහරි ඒ වගේ වෙනවනම්.තව එකක් අම්මට ගොඩාක් ආදරේ අය තමන්ගෙ බිරිදටත් ගොඩාක් ආදරේ වෙනවලු.ඔන්න ඔයාගෙ සිහින කුමාරිට සුබ ලකුණක්.
ReplyDeleteකොත්තුවටත් එන්න
ReplyDeletehttp://kottu.org/
/බිඟුවා...!
ඔයා තුන් වැනි කෙනා ඔය කතාව මට කියපු. ඉස්කොලෙ හිටපු සහිත්‍ය මිස්. ඉංග්‍රිසි උගන්වපු මිස් දෙන්නම මගෙ මුනට අනිත් අයත් ඉස්සරහා කියලා තියන්වා. මම පන්තියෙදි කරන කියන දෙ දැකලා වෙන්නෙ නැති.
ReplyDeleteඔයා කොහෙන්ද මේ තරම් ලස්සනට මේ කවි ලියන්නේ...
ReplyDeleteමොනා උනත් මේ ලොකෙ ඉන්න අවාසනාවන්තම කෙනා කව්ද දන්නවද....?
ඔයාගේ මහත්තයා....
බිගුවා...
ReplyDeleteකොත්තුවටත් එන්න නම් අහගෙන තමයි.පුළුවන් විදියටනේ.ඔයා මගේ නිර්මාණ අගය කිරීම ගැන ස්තුතියි.ඒත් ඔයාල වගේ ගොඩක් ගැඹුරින් ලියන්න මට බෑ.
මම දන්නෙ නෑ ...
ස්තුතියි.
මම හිතන්නෙ ඒ අවාසනාවන්තම කෙනා මමමයි කියලයි.
මං මගෙ ඇස් දෙකට දැකලා තියනවා මගෙ තාත්තගෙ අනියම් ගැහැනිය, අම්මා අසනිපෙන් ඉද්දි තාත්තා එහෙම කරද්දි දැනෙන දෙ අනුව මටත් හිතුනා මම ලොකෙ අවසනාවන්තම කෙනා කියලා. නමුත් පස්සෙ කල්පනා උනා මෙ ලොකෙ වාසනාවන්තම කෙනා මං නෙද කියලා. අම්මට සලකන්න අවස්ථාවක් හැම කෙනාටම හම්බ වෙන්නෙ නැහැ එහෙම. ඔයාත් ඔහොම පසුගාමිව හිතන්න යන්න එපා. දරුවො දෙන්නා කුඩා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඔනා. පුංචි හිත කියන එක හරිම පුදුමයි. එයට පුංචි කාලෙ වැටෙන දෙවල් අනුව තමයි ජිවිතෙම ගෙනියන්නෙ. මගෙ ලොකු අම්මා තමයි මාව පුංචි කාලෙ බලාගත්තෙ. හිතන්න එපා කවදාවත් මොන දෙ උනත් ඔයා අවාසනාවන්ත කෙනෙක් කියලා. තමුන්ගෙන් දෙයක් ගිලිහෙනවා නම් බලෙන් අල්ලන් ඉන්න එපා. එයට යන්න දෙන්න. ඇත්ත කෙලින් කතා කරලා විසදගන්න.
ReplyDeleteඑහෙම කරන්න පුළුවන්ද.මල්ලි දන්නෙ නෑ,එයාගෙ අතින් වැදෙන පාරවල්වලට මගේ තොල් පුපුරල ලේ ගලද්දි මගේ චූටි පැටිය මාව බදාගෙන අඩනව.වැරැද්ද මොකක්ද දන්වද.එයා එන්න රෑ උනේ ඇයි,කොහෙද ගියේ,වගේ දෙයක් අහන එක.ඒත් එදාම රෑටත් මම එයාට නින්ද ගියාට පස්සෙ එයාට හොරෙන් ඒ උණුසුමට තුරුල්වෙලා ඉන්නව.හොරෙන් ඒ මූණ ඉඹිනව.මම ඒ තරමටම එයාට අදටත් ආදරෙයි.ඉතින් කොහොමද මම එයාට යන්න දෙන්නෙ.
ReplyDeleteමං මගෙ අම්මාට ගොඩක් ආදරෙ මෙ හෙතුව නිසයි. තාත්තා කොච්චර කැත වැඩ කළත් අම්මා සමහර වෙලාවට එයා ගැන හිතලා අඬනවා. අනෙ මන්දා මෙ ගැහැණිය කියන චරිතය තෙරුම් ගන්න අමාරුයි. ලියන්න කවි...
ReplyDeleteඔයා කොච්චර දුරට ඉගෙන ගත්තු කෙනෙක්ද මොනවද ඔයා කරපු විෂයන් අක්කෙ.
ReplyDeleteතරහා වෙන්න එපා මම මෙහෙම දිගටම ලියනවට මෙ කවි වලට පණ තියනවා. හැමදාම මට අලුත් දෙයක් පෙන්නනවා. කොච්චර බැලුවත් මට එපා වෙන්නෙ නැහැ.. මොකද මන්දා.. ඔයගෙ රසිකයෙක් වෙලා මන්.. අනික අමතකද නුඹට කියන කවි.
මම උ/පෙළ කලේ ජීව විද්‍යාව.එක පාරයි කලේ.යන්තම් පාස් විතරයි.ඒත් මම දන්නව මම කළා විෂයයන් කලා නම් එක පාර කැම්පස් යන්න තිබුණ.දෛවය වෙනස් කරන්න බෑ නේ නේද මල්ලි.
ReplyDeleteඅක්කෙ මම අදහන දෙ තමයි..
ReplyDeleteif there's a way , i will find one.
if there's none , i will make one.
මගෙ email ඇඩ්‍රස් එක ඔයාගෙ inbox එකෙ ඇති එකට mail එකක් එවන්න. සමහර විටදි මම ඔයාට උදව්වක් වෙවි.
නැහැෙන.inbox ඒක හිස්.
ReplyDeleteඅක්කෙ මෙ බ්ලොග් එකෙ settings වලට දාලා තියන mail එකෙ එක ඇති... මම google friend connect හරහා එව්වෙ. gmail එකට අනිවා ඇවිල්ල ඇති. මම ඔයගෙ අත්දැකිම්,විස්තර ටිකක් දැන ගන්න ආසයි..... කවදාද අපිට ඉලග කවිය දකින්න, විඳින්න, විඳවන්න හම්බ වෙන්නෙ. මගෙ බ්ලොග් එක කියවනවද අක්ක එකෙ අක්කා වෙනුවෙන් ලිපි කිපයක් දැම්මා.
ReplyDeleteko aluth kawiya...?
ReplyDeleteකො ඔයාගෙ අලුත් කවිය...
ReplyDeleteමුකුත් දාලා නැති උනත් ඔන්න අදත් මෙ පැත්තෙ ඇවිල්ලා තාලෙට එක පාරක් කියලා යනවා....
ReplyDelete:)
ReplyDelete