සුරුවමට මැද සුවඳ කවමින්
පැහැය ගලපා වෙහෙස දරමින්
වැවූ දිගු නිය හිස පුරා යවා
පෙනෙන නර කෙස් උගුල්ලා දමන. . .
පෙම් කවක් සෙමෙන් උරුවම් බාන. . .
නුඹ මගේ අබිමුව,
තත්පර. . .විනාඩි. . .පැය. . .
දැනුනෙ නෑ නේද නුඹහට
ගතව ගිය කාලය.
ඒත් මට මතකයි
තුදුස් වසරකට පෙරදිත්
නුඹ මෙසේ හැඩ උනා
ඒත් එදා තිබුනෙ නෑ නරකෙස්
නුඹට අමතකද මන්දා
හිටියෙ නෑ නේද මේ දෙදරුවන්
බලාපන් මා දිහා නෙත් හොඳින් පිසදමා
ඒ ඉන්නෙ පියෙකු මිස
කොලු ගැටයෙක් නෙමෙයි නේද
පෙම්වතෙක් වෙන්නට සුදුසු. . .
Monday, November 16, 2009
Subscribe to:
Post Comments (Atom)
මම මෙයත් බැලුවා..
ReplyDeleteතමුන්ගෙන් හරි අඩක් තමුන්ට නැති වෙද්දි දැනෙන දුක.. මටත් දැනිල තියනව...දිගටම ලියන්න... කාලය කෙටි උනත්. දිගටම ලියන්න...හදවතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා නෙද...