එරබදු මලින් පිරි අතු සුළගට පැද්දේ
කරගෙට නගති කෙවිලිය කොවුලිඳු සද්දේ
වාරම් නැතත් ඔන්චිල්ලාවන් පැද්දේ
පුහුලන් කන්න වවුලන් පොරකති බැද්දේ
අවුරුදු සිරිය දැක මගෙ හිත මල් පිපුණා
කැවුමක කොණ්ඩයක් ගන්නට මට හිතුනා
තෙල් හැඳි ඉරටු සැනෙකින් මා අත රැදුනා
කැවුමක් නොවේ රොටියක් තෙල් මැද තිබුණා
නැන්දම්මාගෙ මුහුණේ පිරි උපහාසේ
ඊටත් වැඩියි හිමි මට කල අපහාසේ
කැවුමක් කන්න නිදිගැට හැර සිටි දෑසේ
පොඩි පුතු මගේ ලිප ළග හිඳ උපවාසේ
දවසට පැය අටක් සෙස්වාවෙහි යෙදුන
හවසට පණ අඩක් අරගෙන ගෙට වැදුන
අවසන මැදියමේ නුඹගේ ලග රැඳුන
මව නම් නොමැත පුතුනේ පිසුමෙහි නිපුණ
බිත්තර බටර් පිටි වැනිලා එක බඳුෙන්
පදමට පදම් කර උඳුෙන් මැද දැවුනේ
ලස්සන සීනි මල් කොළ ඒ මත රැඳුෙන්
දන්නේ මෙච්චරයි කාපන් මගෙ පුතුනේ
නැන්දම්මගෙ අතින් බැදුනා කොණ්ඩ කැවුම්
මා හැදු කේක් ගෙඩියේ මල් රටා සියුම්
පොඩි පුතු ගසයි සතුටින් අප වටේ රවුම්
සමගිය සමග ලැබු අවුරුදු සතුට නැවුම්.
Wednesday, April 14, 2010
Subscribe to:
Post Comments (Atom)
හා හා හා.. නියමයි.. නියමෙට තියෙන් නැති අවුරුදු හා..හා.. කොන්ඩ කැවුමක කොන්ඩෙ ගන්න එක හරිම අමාරු කාර්යක්.. අපෙ අම්මලා දෙන්නටම බැහැ.. එක එගොල්ලා පුරුදු වෙන්නෙ නැති කම තමයි.. හැමදාම මට බැහැ කියලා එක දන්න කෙනෙකුට දිලම කරගන්න ගියහම වෙන්නෙ හැකියාව ගන්න බැරි වෙන එක.. එත් ඉතින් හරිම ආසයි නෙද දරුවො දෙන්න වට වෙලා කැවුම් උයන කොට.. මමත් එහෙම තමයි එකම යුද්දෙ.. ගෙදර.. ඔන්න ඔයා ඔයගෙ කවිවල තියන තාල රටාව වෙනස් කරලා අද ලස්සනයි හැම දෙම...
ReplyDeleteෂා............
ReplyDeleteමට නම් පුලුවන් උනේ යාන්තම් රසට කොකිසක් හදා ගන්න තමා.
හැබැයි කටින් නම් කැවුම් කේක් විතරක් නෙවෙයි කෙසෙල් උනත් හදතැකී...
හනේ කවදා හරි දවසක මගේ මගේ පැටවුත් මා වටේ කෙරකෙවී නේද ඔය වගේ.............
ලස්සනට ලියල තියෙනවා කදුලු බිංදු
වියලී ගිය කඳුලු දැක කූඩුව මැද්දේ
ReplyDeleteසතුටින් අපේ හදවත් නංවයි සද්දේ
මොනවා නැතත් අක්කේ මේ අවුරුද්දේ
කඳුලක් නොපිස්සා ඇති ඉන රැඳි රෙද්දේ
රවා මල්ලියේ,ඔයාට පින් සිද්ධවෙන්නයි මගේ කවියෙ තාල වෙනස් උනේ හොදේ.
ReplyDeleteඅහිංසකී,කැවුම් බැරි උනත් ඔයාට රසට කොකිස් දන්නපුළුවන්නේ.සතුටු වෙන්න ඒ ගැන.ස්තුතියි අගය කිරීම ගැන.
SRI MANJULA ,
නොදුටුව කණට නෑසුන කටහඩ සද්දේ
ලෙංගතුකම පිරුණු ඔබ වැනි අය මැද්දේ
වියැළී ගියා කදුලැලි ඉන හැදි රෙද්දේ
මල්ලියෙ හිත හදා ගත්තා මම අවුරුද්දේ