Friday, September 28, 2012

නොවැටහීම

කුලගෙය දෙදරා බිඳී වැටෙද්දී
දුක්ගිනි උහුලා හඬා වැටෙද්දී
නුඹ වෙත බැඳුනෙමි කාටත් රහසින්
ළංවී සුරතින් කඳුළ පිසිද්දී

අසෙනිය කුසුමන් හද තුළ පිපුණා
අදහන්නට බැරි සතුටක් දැණුනා
හිනිමං බැන්දත් ළං වෙන්නට බැරි
අහස ඇවිත් මා ළඟින්ම උන්නා

පපුතුර නුපුරුදු සුවඳක් දැනුනා
තවත් කඳුළු එහි රැඳිලා තිබුනා
මටත් වඩා නුඹෙ පහසින් සැනසූ
තවත් රිදුනු සිත් ඇති බැව් හැඟුනා

හිරු සඳු තරු අහසේ දිළිසෙද්දී
අහසේ පැහැබර බව වැඩි වෙද්දී
මා පොළවේ දුහුවිළි කඳුළක් බව
පමා වැඩියි මගෙ හිතට දැනෙද්දී

2 comments:

  1. හරිම අපුරුයි.. බ්ලොග් එක බලලා යන්න ආවා...

    ReplyDelete
  2. දිගට ම ලියන්න.. ලිවීම ජීවිතයට ලස්සනක්, සැනසීමක් එකතු කරයි...

    ReplyDelete